නිමල් රාජපක්ෂ
ඉදිරි මාස එක හමාර ඇතුළත නව සැපයුම් කරුවකු තෝරාගෙන නව අංක තහඩු විසිපන්දහසක් නිකුත් කිරීමට පියවර ගන්නා බව මෝටර් රථ ප්‍රවාහන කොමාසාරින් ජනරාල් කමල් අමරසිංහ මහතා පවසයි.
රජය නව වාහන ගෙන්වීමත් සමගින් නව ලියාපදිංචියන් සදහා අංක තහඩු අවශ්‍යතාවය තදින්ම බලපාන කරුණක් .අංක තහඩු නිකුත් කරන තුරු තම අභිමතය පරිදි තාවාකාලික අංක තහඩු සකස් කර ගැනීමට අවසරය ලබා දි ඇතැයිද කමල් අමරසිංහ මහතා වැඩි දුරටත් පැවසුවේය.
දැනට අංක තහඩු නිකුත් කරන සමාගම පසුගිය කොව්ඩ් සමයේ මෝටර් රථ දෙපාර්තුමේන්තුව සමග තිබු ගිවිසුමට අමතරව විශාල මිල වැඩි කිරීමක් ඉල්ලා සිිටි නිසා එයට එකග තාවයට නාපු නිසා අංක තහඩු නිකුත් කිීරීම තාවකාලිකව අත්හිටුවා තිබු බව ද පැවසුවේය.
මේ වසරේ 2025-04-30 දින සිට අංක තහඩු නිකුත් කිරීම නතර කොට තිබෙන අතර කැබිනට් මණඩලය සමග සාචජ්චා කිරීමට අමාත්‍යංශ ලේකම් වරුන් තිදෙනකුගෙන් සමන්විත ම්ණ්ඩලයක් පත්කොට තිබෙන අතර මොට්ර් රථ දෙපාර්තුමේන්තුව හා අමාත්‍යංශයෙ එක්ව නව සැපයුම් කරුවකු ටෙන්ඩර් පටිපාටිය මත තෝරාගෙන වාහන අංක තහඩු නිකුත් කිරීමට පියවර ගන්නා බවද පැවසුවේය. නව ලියාපදිංචියකදී හෝ වාහන හිමියකු මාර්ගයේ තම රථය ධාවනය කිරිමේදී පොලීසිය පරික්ෂා කිරිමේදී ඹවුන්ට පෙන්විමට ලිපියක් ලබා දී ඇත. එහි වාහනයේ අංකය සටහන් කොට තිබෙන අතර බාධාවකින් තොරව අංක තහඩු ලබාදෙන තෙක් මෙම ලිපිය මගින් තම රථය ධාවනය කිරිමට හැකියාව තිබෙනු ඇත.
මීට අමතරව තමන්ට අවශ්‍යනම් තම අභිමතය පරිදි දෙපාර්තුමේන්තුව අංක තහඩු ලබාදෙන තෙක් තාවකාලික අංක තහඩුවක් සවිකර ගැනීමට අවසර ලබා දී තිබේ.
දිසාපතිවරු හා සියළුම දිස්ත්‍රික් ලේකම් වරු දැණුවත් කරලා තිබෙනවා ඒ සම්බන්ධව ඹවුන්ගේ අදායම් බලපත්‍ර ලබා දෙන ලෙසට ලබාදී තිබෙන ලිපියට අනුව.
ඉදිරි මාස එක හමාරක් ඇතුළක නව සැපයුම් කරුවකු තෝරා ගන්න පුලුවන් . මේ වතාවේ ටෙන්ඩර් පටිපාටියට අනුව විශාල පිරිසක් ඉල්ලා තිබෙනවා. ඒඅනුව ඉදිරි පත්වී තිබෙන මිලගණන් හා තාක්ෂණික ඉදිරි පත් කිරිම් මත කෙනෙක් තෝරා ගන්න පුලුවන් දැනට අංක තහඩු විසිපන්දහසක අවශ්‍යතාවයක් ඇතිවී තිබෙනවා. මන්ද නව වාහන ආනයනය නිසා නවා ලියාපදිංචියත් වැඩි වි තිබෙන නිසා .
මීට අමතරව පැරණි අංක තහඩු කිහිප දෙනෙකු ඉල්ලා තිබෙනවා . මේ දිනවල ඒවා නිකුත් කරන්න බැහැ. ඒ අයටත් නව ක්‍රමය යටතේ ලබා දෙන්න පුලුවන් බවද කමල් අමරසිංහ මහතා පැවසුවේය.
විදුරුවෙ අලවන ස්ටිකර් එක ට ඉවත් කිරීමට තිරණය කර තිබේ. මන්ද ඒ සදහාද අතිරේක වියදමක් දරා ගන්න වන නිසා එහි ක්‍රියාපටිපාටිය වුයේ යම් කෙනෙකුට දත්ත බලා ගැනීමටයි.නමුත් අදාල උපකරණ පොලීසටය හෝ වෙනත් පාර්ශවයන්ට නැති නිසා එ් ස්ටිකරය තාවකාලිකව ඉවත් කර තිබෙනවා යැයිද කමල් අමරසිංහ මහතා වැඩි දුරටත් පැවසුවේය.
