Spread the love

තෙල්දෙණිය නිශ්ශංක


ලෝක ජනාවාස දිනයට සමගාමිව තමන්ගේම තැනක් ලස්සන ජිවිතයක් නිවාස ආධාර වැඩසටහන යටතේ තෙල්දෙණිය මැදදුම්බර පුදේශිය ලේකම් කොට්ටාශයේ අඩු ආදායම් ලාභීන්හටනිවාස හයක් ඉදිකර පෙරේදා ලබා දීමට පියවර ගෙන ඇත.

මෙම නිවාස ලබා දීමේ වැඩ සටහනට මහනුවර දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී ජගත් මණුවර්ණ හා මැදදුම්බර පුදේශිය සභාවේ සභාපති රවිදු පුභාත් උස්වැටකෙයියාව මහතා හා උප සභාපති පියල් වීරසේකර යනමහත්වරු ජාතික නිවාස අධිකාරියේ නිළධාරින්ගේ පුධානත්වයෙන් සිදු කෙරිණ.

වතුලියද්ද මහාදොරලියද්ද තැන්නලන්ද වේරපිටිය ඇල්ලියද්ද වරදිවෙල උඩිස්පත්තුව මාදෙනියාවක යන ගම්මානවල අඩු ආදායම් ලාභීන් හට මෙම නිවාස පරිත්‍යාග කල අතර එක් නිවසක් සදහා රුපියල් ලක්ෂ දහය බැගින් නිවාස ඉදිකර ගැනිමට සදහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ප්‍රතිලාභ ලබාදි තිබිණ.