Spread the love

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 168 කිලෝමීටර කණුව ආසන්නයේදී විදෙස් ජාතිකයින් රැගත් සුඛෝපභෝගී වෑන් රථයක් ඉදිරියෙන් ගමන්කළ කුඩා ලොරි රථයක ගැටීමෙන් වෑන් රථයේ ගමන් ගත් විදෙස් ජාතික කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පස්දෙනෙකු තුවාල ලබා තිබේ.

අනතුර සිදු වි ඇත්තේ අද (15) පස්වරු 4ට පමණ ය.

අනතුරින් ලොරි රථයේ කොටසක් ගැලවී අධිවේගී මාර්ගයෙන් පිටතට විසිවී ගොස් ඇත.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ යොදවා සිටින පොලිස් විශේෂ කාර්ය බළකායට අයත් ගිලන් රථයකින් තුවාලකරුවන් තංගල්ල මූලික රෝහලට රැගෙන ගොස් තිබේ