අලුතින් ව්‍යාපෘති 100කට වඩා වත්මන් රජය විසින්මේ වන විට ත් ආරම්භ කිරීමට පියවර ගෙන ඇතැයි සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ පවසයි..
ඒ අනුව, මාර්ග සංවර්ධන ව්‍යාපෘති, ජල ව්‍යාපෘති හා විදුලි ව්‍යාපෘති ඇතුළු ව්‍යාපෘති රැසක් ආරම්භ කරමින් ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
ඉදිරි මාස 06 තුළ, මුළු රටම වැඩබිමක් බවට පත් කරන බවද, විපක්ෂය විසින් ‘වැඩක් කරන්නෑ’ යනුවෙන් සිදුකරන කෙඳිරිය ද ඒ සමඟ අවසන් වනු ඇති බවද ඔහු ප්‍රකාශ කළා.
එසේම, තිබෙන ‘ෆයිල්වලට’ සිදු කරන්නේ කුමක්දැයි විපක්ෂයේ ඇතැමුන් විමසන බවත්, මේ වන විට ඔවුන් ‘ඇතුළට දමන’ නිසා කෙඳිරිගෑමට පටන්ගෙන ඇති බවත්, අවුරුදු පහම අවසන් වන තෙක් ඇතුළට දැමීමට පුද්ගලයින් සිටිනා බවයි නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
