Spread the love


නිමල් රාජපක්ෂ-

බීඩි කර්මාන්ත කරුවන් තම නිෂ්පාදන ප්‍රවාහනය කිරීමේදී අනිවාර්යයෙන් ම බලපත්‍රයක් (අවසර පතක්) ලබා ගත ලබා ගත යුතු බව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක ,නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් නීති චන්න වීරක්කොඩි මහතා පවසයි.

බීඩි කර්මාන්ත කරුවන් සිය නිෂ්පාදනය සාර්ථකව කර ගෙන යාම සදහාත් ,බෙදා හැරිමේදි කිසිදු බාධාවකින් තොරව බීඩි රැගෙන යාම සදහා ක්‍රමවේදයක් සකස් කරදෙන ලෙස සුරාබදු දෙපාර්තුමේන්තුවෙන් කල ඉ ල්ලීමකට අනුව සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.ජේ.ගුණසිරි මහතා මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව සුරාබදු දෙපාර්තුමේන්තුව මගින් ”නොමිලයේ අවසර පත්‍රය ”ලබා දෙන අතර දිවයින පුරා බීඩි ප්‍රවාහනය කරන්නේ නම් සුරාබදු ප්‍රධාන කාර්යාලයෙන්ද , දිස්ත්‍රික්කය තුළ බීඩි බෙදා හරින්නේ නම් අදාල සහකාර සුරාබදු කොමසාරිස් වරයාගෙන් හෝ සුරාබදු අධිකාරිවරයා ගෙන් මෙ ම බලපත්‍රය ලබා ගැනීමට පුලුවන . ඒ සදහා අදාල බලධාරීන්ට උපදෙස් ලබා දී ඇතැයිද චන්න වීරක්කොඩි මහතා පවසයි.

බීඩි ප්‍රවාහනයේදි ව්‍යාජලෙස තෙන්ඩු කොල ආනයනයක කරන්නන් බලපත්‍ර ලාබ දීම ගැන විරෝදය දැක්වති. බලපත්‍රය ලබා දිම තුළින් තමන්ගේ නිෂ්පාදන කිසිදු ගැටලුවකින් තොරව බෙදාහැරීමට පහසුවනු ඇත. අවසර පතක් නොමැතිව බීඩි ප්‍රවාහනය කර හසුවුවහොත් දැඩිව නිතිය ක්‍රියාත්මක කරන බවත් , නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවීමට පවා සිදු වීමට ඉඩ ඇතැයිදි නියෝජ්‍ය සුරාබදු කොමාසාරිස් වරයා පැවසුවේය.

වෙළද සල් හිමියන් අනිවාර්යයෙන් බීඩි මිලදි ගැනීමේදි බිල්පතක් ලබා ගත යුතු බවත් ,කිසියම් විටක පරික්ෂා කිරිමකදි බීඩි මිලදී ගත් බිල්පත ඉ දිරිපත් කිරිමට අපොහොසත් වුවහොත් නීතිය තදින් ක්‍රියාත්මක කරන බවත් චන්න වීරක්කොඩි මහතා වැඩි දුරටත් පැවසුවේය.

තව දුරටත් අදහස් දැක්වු චන්න වීරක්කොඩි මහතා ,