Spread the love

නිමල් රාජපක්ෂ

මහනුවර ඇසල පෙරහැර වෙනුවෙන් මේ මස 04 වනදා සිට 08 දක්වා විශේෂ දුම්රියයන් ධාවනයට එක්කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පවසයි.

ඒ අනුව විශේෂ දුම්රියයන් ධාවනය වන්නේ පහත සදහන් ආකාරයටයි

  1. කොළඹ කොටුව – මහනුවර.
    විශේෂ දුම්රිය 01 – කොළඹ කොටුව පිටත්වීම පෙ.ව. 08.55 ට ලබන ‍4 වන දින සිට 08 වන දින දක්වා දිනපතා.
  2. මහනුවර – කොළඹ කොටුව.
    විශේෂ දුම්රිය 04 – මහනුවර පිටත්වීම රාත්‍රී. 23.30 ලබන 04 වන දින සිට 08 වන දින දක්වා දිනපතා.
  3. මහනුවර – පොල්ගහවෙල .
    විශේෂ දුම්රිය 08 – මහනුවර පිටත්වීම රාත්‍රී. 23.45 ලබන 04 වන දින සිට 08 වන දින දක්වා දිනපතා.
  4. මාතලේ – මහනුවර .
    විශේෂ දුම්රිය 03 – මාතලේ පිටත්වීම ප.ව. 15.30 ලබන 04 වන දින සිට 08 වන දින දක්වා දිනපතා.
  5. මහනුවර – මාතලේ.
    විශේෂ දුම්රිය 05 – මහනුවර පිටත්වීම රාත්‍රී. 23.35 ලබන 04 වන දින සිට 08 වන දින දක්වා දිනපතා.
  6. නාවලපිටිය – මහනුවර .
    විශේෂ දුම්රිය 06 – මාතලේ පිටත්වීම .. 13.55 ලබන 04 වන දින සිට 08 වන දින දක්වා දිනපතා.
  7. මහනුවර – නාවලපිටිය.
    විශේෂ දුම්රිය 07 – මහනුවර පිටත්වීම රාත්‍රී. 23,55 ලබන 04 වන දින සිට 08 වන දින දක්වා දිනපතා, මෙලෙස ධාවනය කෙරෙනු ඇත.