Spread the love

ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය ලබා ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර තීරණාත්මක හමුවක් ඉදිරි සතිය තුළ සිදු කිරීමට නියමිතව තිබේ.

මේ වන විටත් පොදු ජන පෙරමුණේ කණ්ඩායමක් ජනාධිපතිවරයාට සහාය දීම සඳහා ප්‍රසිද්ධියේ පෙනී සිටින අතර තවත් කණ්ඩායමක් නාමල් රාජපක්ෂ මහතා ප්‍රධාන කොටගෙන කටයුතු කරමින් සිටී.

මෙම කණ්ඩායම් දෙක අතර පොදු එකඟතාවයක් ඇතිකර ගැනීම සම්බන්ධයෙන් මෙම හමුවේදී සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

ජනාධිපතිවරණය නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට ජූලි මස මැද භාගයේදී බලය ලැබේ.