ඔයිල් පාම් ( කටු පොල්) වගාව සඳහාවන අත්තනෝමනික තහනම ඉවත් කරන ලෙස ඉල්ලා එකමුතු කම්කරු ප්‍රජාශක්ති සංවිධානය අද (15) උදෑසන වතුආශ්රිතව රැකියාවන් හී නිරත ජනතාවගේ සහභාගීත්වයෙන් මතුගම නගර මධ්‍යයේ නිහඩ පෙළ පාලියක් සහ දැනුම්වත් කිරීමක් සිදුවිය.
වතු ප්‍රජාව ඉස්මතුකළ අදහස් වූයේ ලොව ඔයිල් පාම්( කටුපොල් )තහනමට ලක්වී ඇති එකම රට ශ්‍රී ලංකාව බවවි. එසේ වුවත් පාම් තෙල් එදිනෙදා පරිභෝජනයට අත්‍යාවශ්‍ය අමුද්‍රව්‍යයකි. දේශගුණික විපර්යාසයන් මෙන්ම කම්කරු හිඟයට පිළිතුරක් මෙන්ම ලොව ඉහළම තෙල් අස්වැන්නක් ලබා දෙන ඔයිල් පාම්( කටු පොල් වගාව ) මෙරට තහනම් කරීමෙන් වැවිලි ප්‍රජාවට, තෙල් පරිභෝජිත කර්මාන්තවලට හා පාරිභෝගිකයින්ට අසාධාරණයක් සිදුවී ඇතැයි උද්ගෝෂණ කරුවෝ අවධාරණය කළේය.
ඕමන්තේ පුණ්‍යසිරි ස්වාමීන් වහ්සේ. පැවසුවේ මේ ප්‍රදේශවල ජනතාවගේ ප්‍රධාන ආදායම් මඟ වැවිලි කර්මාන්තය බවත්, වතුසමාගම් වල පැවැත්ම කම්කරු ජනතාවගේ පමණක් නොව වතු අශ්‍රිතව වක්‍රව රැකියාවන් හී නිරත වෙමින් ජීවත්වන සුවහසක් පිරිසක් සිටින බවත් ,ඒ වෙනුවෙන් කටු පොල් වගාව ආදායම් හිඟ වතු රබර්වතු සඳහා ආදේශ කිරීම වැවිලි කර්මාන්තයේ සුරක්ෂිත තාව වෙනුවෙන් කළයුතු බවයි.
මෙහිදී දුටු විශේෂ සිදුවීමක් වූයේ මතුගම පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන අදහස් ඉදිරිපත් කරමින් පැවසා සිටියේ ” කටු පොල් හොඳ ආර්ථික භෝගයක් අපේ ප්‍රදේශවල මුඩු ඉඩම් වලින් ප්‍රයෝජන ගැනීමට හොඳ විකල්පයක් ඇත්තෙන්ම මම තමා මුලින්ම මේ වගාවට විරුද්ධ වුණේ ඒත් මම කියන්නේ වැවිලි ආර්ථිකය ශක්තිමත් කිරීමට මේක වහාම ස්ථාපිත කළයුතු වෙනවා” යි පැවසීය.
මෙම අවස්ථාවේ අදහස් දැක්වූ පාරිභෝගිකයන් සුරැකීමේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසා සිටියේ බේකරි කර්මාන්තය සහ තවත් බොහොමයක් ආහාර නිෂ්පාදන සඳහා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යයක් වන පාම් තෙල් දේශීය අවශ්‍යතාව පිරිමැසීමට නොහැකි තත්ත්වයක් පවතින්නේ අවශ්‍යතාවට සරිලන නිෂ්පාදන යක් මෙරට නැති නිසාබවයි.
කටුපොල් බිල්ලෙක් යකෙක් බවට ගොඩනැඟු චිත්‍රය නිසා මෙම තත්ත්වය උදා වී ඇති බවත් මේ නිසාම වැවිලි කර්මාන්තය ආශ්රිත ජනතාවට පමණක් නොව රටට සිදුවූ ආර්ථික පසුබැසීම පිළිබඳව නැවත විමර්ශනය කළයුතු බවයි.
