Spread the love

නිමල් රාජපක්ෂ–
කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ස්ථාන හතක E ටිකට් ක්‍රමවේදය(ප්‍රවේශා) බිද වැටීම නිසා කාර්යාල දුම්රිය තුනක කොළඹ කොටුව දක්වා ගමන් කල මගින් ප්‍රවේශපත්‍ර නොමැතිව ගමන් කල බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පවසයි.
මහරගම ,නාවින්න , බෙස්ලයින්, නුගේගොඩ,කොටාරෝඩ් , නාවින්න , නාරාහේන්පිට යන දුම්රිය ස්ථානවල මෙම ක්‍රමවේදය බිද වැටීම නිසා මගීන් එම දුම්රිය ස්ථාන වලින් කොළඹ කොටුව බලා ගමන් කරන මගීන් හට ප්‍රවේශපත්‍ර ලබා දීමට නොහැකිවී තිබේ. මේ හේතුව නිසා කැළණිවැලි දුම්රිය මාර්ගයේ මගීන් ප්‍රවේශපත්‍ර නොමැතිව ගමන් කර තිබේ.
මීට හේතුවී ඇත්තේ අදාල දුම්රිය ස්ථාවල ඊ ටිකට් ක්‍රමවේදය ආරම්භ කලපසු දුම්රිය කාඩ් ප්‍රවේශපත්‍ර ක්‍රමවේදය ඉවත් කර තිබේ. මේ හේතුව නිසා කිසිදු මගියකුට ප්‍රවේශපත්‍ර යක් නිකුත් කිරීමට නොහැකි වී ඇත.
කැළණිවැලි දුම්රිය මාර්ඟයේ අද (21) පෙරවරුවේ ධාවනය වු කාර්යාල දුම්රිය තුනක මගීන් දහස් ගනණක් කොළඹට පැමිණියද ඹවුන්ට ප්‍රවේශපත්‍ර ලබා දීමට නොහැකිවීම හේතුවෙන් දුම්රිය දෙපාර්තුමේන්තුවට සිදුවු විශාල පාඩුව අදාල සමාගමනේ අයකර ගැනීමට බලධාරීන් කටයුුතු කලයුතු බවද සුමේධ සෝමරත්න මහතා පැවසුවේය.