Spread the love

අපි කල්පනා කලා ජනතාවගේ ජිවත්වීමේ අයිතිය රැකලා දෙන්න. ප්‍රජාත්‍රන්තවාදය රැක ගන්න. අපි අතරත් මතවාදි වෙනස්කම් පැත්තකින් තියලා. ඓතිහාසික ගැටුම් පැත්තකින් තියලා. පෞද්ගලික කෝන්තර සියල්ලම පැත්තකින් තියලා. සමගි වෙලා ජනතාවගේ ජීවත් වීමේ අයිතිය ජනතාවට ලබා දෙන්න කියලා. ආණ්ඩුවට බල කරන්න.

මේ නිසා ආණ්ඩුවේ වසර සම්පුර්ණ වීමත් ජනතාවට ප්‍රජාත්‍රන්තවාදයේ අයිතිය අහිමි වීමත් කියන සියල්ලම පදනම් කරගෙන මේ පක්ෂ සියල්ලම එක් වෙලා නොවැම්බර් 21 සවස 2ට නුගේගොඩ දී මහා ජන රැළියක් පැවැත්වීමට සුදානම් වෙලා ඉන්නවා. මේ රටේ ප්‍රජාත්‍රන්තවාදය රැක ගත යුතුයි කියලා කවුරු හරි විශ්වස කරනවා නම්. මේ රටේ ජනතාවගේ ජිවත්වීමේ අයිතිය රැක ගත යුතුයි කියලා කවුරු හරි විශ්වස කරනවා නම්. මේ ආණ්ඩුවේ බොරුවට භීෂණයට දූෂණයට වහාම තිත තැබිය යුතුයි කියා ඔබත් විශ්වාස කරනවා නම් නොවැම්බර් 21 දා සවස මේ මහා විශ්වයෙන්ම ඔබ සිටිය යුතු එකම තැන නුගේගොඩ පමණමයි. කියන එක අපි සිහිපත් කරනවා.