Spread the love

මාතර දිස්ත්‍රික් ගාමීය බැංකු සංගමයට මුද්‍රා තැබීමට පොලිසිය කටයුතු කර තිබේ.

ඒ දකුණු පළාත් සමුපකාර කොමසාරිස්වරයාගේ දැනුම්දීමක් මතයි.

මාතර දිස්ත්‍රික් ග්‍රාමීය බැංකු සම්ගමයට දකුණු පලාත් සමුපකාර කොමසාරිස්වරයා විසින් නව පාලක මණ්ඩලයක් පත් කිරීමෙන් පසු ඔවුනට වැඩ වැර ගැනීම සඳහා ඉඩ කඩ ලබා නොදී විරෝධය දැක්වීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

මාතර දිස්ත්‍රික්කයේ සමුපකාර සමිති හතක් දකුණු පළාත් සමූපකාර කොමසාරිස් පාලනය යටතට පත් කිරීමෙන් පසු මාතර දිස්ත්‍රික් ගාමීය බැංකු සංගමයට නව පාලක මණ්ඩලයක් පත් කිරීමට කටයුතු කර තිබිණ.