තලවාකැලේ ලිඳුල නගර සභාවේ හිටපු සභාපති අසෝක සේපාල යන අය එම නගර සභාවට අයත් අංක 12 ගවමස්කඩ කාමරය බදු දීමට අදාළව ලංසු පිරිනැමීමේ දී වැඩිම ඉල්ලුම්කරුට ලංසුව ලබා නොදී අවම ලංසුවක් වෙත අදාළ ලංසුව පිරිනැමීමෙන් රු.2,380,000/- (රුපියල් විසිතුන් ලක්ෂ අසූ දහස) ක පාඩුවක් රජයට සිදුකිරීමෙන් දූෂණ වරද සිදු කිරීම හේතුවෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරු කොළඹ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන 11 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
