Spread the love

නිමල් රාජපක්ෂ-

මත්ද්‍රව්‍ය හා බැඳුණු විනාශකාරී දොරටුව වසා දැමීම සදහා තරුණ පරපුර තුළ ආගමික ප්‍රබෝධයක් ඇති කිරීම අත්‍යවශ්‍ය බවත්, එම කාර්යයේදී මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයන්ට ප්‍රමුඛ කාර්යභාරයක් පැවරෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

අද ලංකාවේ පළමු වතාවට මත්ද්‍රව්‍ය ජාවාරම සහ අපරාධ සඳහා තිබූ දේශපාලන බලය බිඳ දමා ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම කිසිවෙකුට දේශපාලන අනුග්‍රහය නොලැබෙන බවද අවධාරණය කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ නිකවැරටිය ගනේවැව පුරාණ විහාරස්ථානයේ 2026 වෛශාඛ්‍ය මංගල්‍යයට අද (29) පෙරවරුවේ එක් වෙමිනි.

වත්මන් සමාජය තුළ ඇති වටිනාකම් සැබෑ වටිනාකම් නොවන බවත්, රටට නව හර පද්ධතියක් සහ වටිනාකම් පද්ධතියක් හඳුන්වා දිය යුතුව තිබෙන බවත් මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා, සියලු සංස්කෘතින්ට සහ අනන්‍යතාවලට ගරු කරන, සහකම්පනයෙන් යුත් සමාජයක් අවශ්‍ය බවද අවධාරණය කළේය.

අනාගත සමාජයේ නිර්මාපකයා වන වත්මන් තරුණ පරපුර යහපත් පරපුරක් ලෙස ගොඩනැඟීමේදී තරුණ භික්ෂුන් වහන්සේ නමක් ලෙස පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේ විසින් ඉටු කරනු ලබන ශාසනික සහ සමාජයීය මෙහෙවරද ජනාධිපතිවරයා මෙහිදී ඇගයීමට ලක් කළේය.

විචිත්‍ර ධර්ම කථික, ශාස්ත්‍රපති පුජ්‍යපාද කත්නෝරුවේ සිරිධම්ම හිමිපාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම දේශනා ඇසුරින් සකස් කළදිවි මං සදහම්කෘතිය සහ විහාරස්ථානයේ පරිගණක යෙදුම එළිදැක්වීමද මෙහිදී සිදු කෙරිණි. එමෙන්ම ගනේවැව පුරාණ විහාරස්ථානයේ අභිනව ධර්මශාලාව, බෝධිඝරය, ඝණ්ඨාර කුලුන සහ දාන ශාලාව විවෘත කිරීමද මේ හා සමගාමීව සිදු කෙරිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ,

.