Spread the love


නිමල් රාජපක්ෂ-

දුම්රියට ගොඩවන මගීන්ගේ මුදල් පසුම්බි ජංගම දුරකථන සොරා ගන්නා නමගිය අපරාධ කරුවකු කොටුව දුම්රිය ස්ථානයේදී දුම්රිය ආරක්ෂක නිලධාරින් අද (22) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය වී ඇත්තේ මෙසේයි
කොටුව දුම්රිය ස්ථානයේ අද පෙරවරු 8.30 ට බදුල්ල බලා ධාවනය වන දුම්රියට ගොඩවීමට ගිය තරුණියගේ මුදල් පසුම්බිය සොරා ගන්නා අවස්ථාවේදීම වේදිකාවේ රාජකාරියේ නිරත දුම්රිය ආරක්ෂක නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු සොරා ගත් මුදල් පසුම්බිය පරික්ෂා කිරිමේදී රුපියල් දහදාහක මුදලක් මුදල් පසුම්බියේ තිබී සොයා ගත් බව කොටුව දුම්රිය ආරක්ෂක සේවයේ කාර්යභාර නිලධාරි ජේ . කුමාරසිංහ මහතා පවසයි. ,
අකරතැබ්බයට පත් ඇඹිලිපිටිය සිට පැමිණි තරුණියට මුදල් ආපසු බාර දීමට දුම්රිය ආරක්ෂක නිළධාරීන් කටයුතු කර ඇත.
මෙම සැකකරු දුම්රිය මගීන්ගේ මුදල් පසුම්බි .ජංගම දුරකථන සොරා ගන්නා වෘත්තීයමය සොරකු බවත් මීට පෙර දහ දොලොස් වතාවක් මෙවැනි සිද්ධිවලට අසුවු අයකු බවත් දුම්රිය ආරක්ෂක නිලධාරීන් පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුව වැඩිදුර පරික්ෂණ සිදු කිීරීම සදහා කොටුව දුම්රිය ස්ථානයේ පිහිටි පොලිස් මුරපොලට බාරදී ඇත.
දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත,කොටුව දුම්රිය ආරක්ෂක හමුදාවේ කාර්යභාර නිලධාරි ජේ ,කුමාරසිංහ මහතාගේ අධික්ෂණය යටතේ , දුම්රිය ආරක්ෂක නිලධාරින් වන රුවන් ඒකනායක, ඩී.ඒ.සී.ද අල්විස් යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.