නිසි ලෙස භාරගන්නා බවත් සේවකයන් ලෙස නව පත්වීම් ලාභී ඔබ ද ඔබට පැවරී ඇති වගකීම, අභියෝගය භාර ගැනීමට දායකවිය යුතු බව ඳ සඳහන් කර සිටියේ ය.
මේ සියල්ල ලබා දීමෙන් අනතුරුවත් තැපෑල ලාභ ලබන තැනක් බවට පත්කර ගත නොහැකි වන්නේ නම් භාණ්ඩාගාරයේ මුදල් තවදුරටත් යොදවමින් තැපෑල මේ ආකාරයෙන්ම පවත්වා ගෙන යා යුතු ද නැද්ද පිළිබඳව සිතා බැලීමට සිදු වන බව ද අමාත්‍යවරයා පැවසී ය.
අප කටයුතු කරගෙන යාමේ දී අමතර වියදම් තිබේ නම් අප ඒ පිළිබඳව සමාලෝචනයක නිරත වන බවත් තැපැල් කාර්යාලයක, උප තැපැල් කාර්යාලයක සේවය කරන සේවකයාට ගෙවනු ලබන වැටුපවත් එම කාර්යාලයෙන් ආදායම ලෙස නොලැබෙන්නේ නම් එම කාර්යාල තව දුරටත් පවත්වාගෙන යා යුතුද යන්න පිළිබඳව කරුණූ සලකා බැලිය යුතු බව ද අමාත්‍යවරයා මෙහි දී තවදුරටත් සඳහන් කරන ලදී.
විසි දහසකට ආසන්න තැපැල් සේවකයන්ගේ ක්‍රියාකලාපයන් මෙරට ජීවත්වන ජනතාවට විවිධ ආකාරයෙන් විවිධ පැතිකඩවලින් බලපාන බව අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේ ය.
එම සියලු දෙනා එක්ව එක පවුලක් ලෙස එකට බැදී කටයුතු කිරීම තුළින් තැපෑලට විශිෂ්ට අගයක් එකතු වන බව සඳහන් කළ අමාත්‍යවරයා මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට සියලු වෘත්තිකයන්ගේ මෙන්ම සැම දෙනාගේම දායකත්වය අතිශයින්ම වැදගත් වන බව පැවසීය. තැපැල් සේවාවේ සංවර්ධනයට වත්මන් රජය සිදුකරන විශාල කාර්යභාරය මනාව තේරුම්ගෙන සියලුම තැපැල් සේවකයන් වගකීමකින් යුතුව කටයුතු කරනු ඇතැයි ද තමා බලාපොරොත්තු වන බව ද ඇමතිවරයා මෙහි දී වැඩිදුරටත් පැවසී ය.
මෙරට ක්‍රියාත්මක තැපැල් සේවාවට වසර 200 කට අධික ඉතිහාසයක් පවතින අතර නව්‍යකරණය වූ බහුවිධ සේවා සැපයීම තුළින් විශිෂ්ටතම සබඳතා සහකරු වීම ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ ඉදිරි දැක්ම වේ.
