බගවන්තලාව ප්රදේශයේ රථවාහන නීති උල්ලංගණය කරමින් ධාවනය වන ලොරි රථ කිහිපයක් හේතුවෙන් බගවන්තලාව ප්රදේශයේ රියදුරන් දැඩි ලෙස පීඩාවට පත් වී ඇත.
බගවන්තලාව ප්රදේශයේ තේ වතු ආශ්රිතව කිරි එකතු කිරිම සදහා ධාවනයට යොදවා ඇති පෞද්ගලික අංශයේ ලොරි රථ කිහිපයක නැවතීමේ පහන්, තිරිංග පහන්, සංඥා පහන් නොමැතිව ධාවනය වන බවත්, එම වාහන පිටුපස ධාවනය වන අනෙකුත් වාහන අනතුරුවලට පත් වීමේ අවධානමක් පවතින බවයි එම රියදුරන් කියා සිටින්නේ.
ඉදිරියෙන් ධාවනය වන එම ලොරි රථ ඉදිරියට පැමිණෙන වාහන පිලිබද පසුපස ගමන් කරන වාහනවලට සංඥා මගින් දැනුම් දීමක් සිදු නොකරන බවත්, හදිසි අවස්ථාවකදී තිරිංග පද්ධතිය ක්රියා කරන ආකාරයත් තිරිංග පහන් ක්රියා නොකිරිමෙන් පසුපස වාහනයේ ගමන් ගන්නා අයට දැනගැනිමට නොහැකි වීම නිසා පසුපස ගමන් ගන්නා වාහන ඉදිරියෙන් ධාවනය වන එම කිරි ප්රවාහනය කරන ලොරි රථවල ගැටීමේ අවධානමක් පවතින බවයි එම රියදුරන් කියා සිටින්නේ.
බගවන්තලාව පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් මේ පිලිබද කිසිදු අවධානයක් යොමු නොකර ඇති බවද බගවන්තලාව ප්රදේශයේ රියදුරන් කියා සිටියි.
