නිමල් රාජපක්ෂ
ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය එක්ව ඊයේ පුත්තලම රත්මල්වත්ත ප්‍රදේශයේ සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන වියළි කහ කිලෝග්‍රෑම් නවසිය අනූහතරක (994) පමණ තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
මෙම මෙහෙයුම වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නි ආයතනය සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව, පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමඟ එක්ව ක්‍රියාත්මක කරන ලදී. මෙහිදී පුත්තලම, රත්මල්වත්ත ප්‍රදේශයේ සැකකටයුතු නිවසක් සෝදිසි කිරීමේදී, එම නිවසේ සගවා තිබූ නීතී විරෝධී ලෙස රට තුළට රැගෙන ආ බවට සැකකෙරෙන උර විසිපහක (25) අසුරන ලද වියළි කහ කිලෝග්‍රෑම් නවසිය අනුහතරක (994) පමණ තොගයක් සමඟ සැකකරුවෙකු මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
මෙලෙස, අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 33ක් වන නොරොච්චෝලේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව හඳුනාගෙන ඇති අතර, සැකකරු සමග වියළි කහ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කර ඇත.
