පළාත් පාලන මැතිවරණයේ මේ වනවිට පළාත් පාලන ආයතන 313 ක ප්රතිඵල නිකුත් වී අවසන් .
එම ප්රතිඵල අනුව ඡන්ද 3,996,171 ක් ලබා ගනිමින් ජාතික ජන බලවේගය ඉදිරියෙන් සිටින අතර සමගි ජන බලවේගය ඡන්ද 1,969,956 ක් ලබා ගනිමින් දෙවන ස්ථානයේත්, ශ්රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 873,008 ක් ලබා ගනිමින් තෙවන ස්ථානයේත් රැඳී සිටි.
නිකුත් වී ඇති පළාත් පාලන ආයතන 313 අතුරින් පළාත් පාලන ආයතන 242 ක බලය තහවුරු කර ගැනීමට ජාතික ජන බලවේගය සමත්වී ඇති අතර, ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය පළාත් පාලන ආයතන 34 ක සහ සමගි ජන බලවේගය පළාත් පාලන ආයතන 13 ක බලය ලබාගෙන තිබේ.
ජාතික ජනබල වේගය 43.23%
සමගි ජනබල වේගය 21.31%
ශ්රී ලංකා පොදු ජන පෙරමුණ 9.44%
එක්සත් ජාතික පක්ෂය 4.55%
පොදු ජන එක්සත් පෙරමුණ 3.71%
ඉලංකෙයි තමිල් අරසු කච්චි 3.20%
සර්වජන බලය 2.78%
ශ්රී ලංකා මුස්ලිම් කොන්ග්රසය 1.40%
