නිමල් රාජපක්ෂ
ප්‍රධාන මාර්ගයේ හා පුත්තලම් මාර්ඟයේ දුම්රිය ධාවනය හෙට(08) සිට සංශෝධනය කරන බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.
ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන්වාර 45 ක් මගී ජනතාවගේ කාර්යාල මගීන්ගේ සහ සාමාන්‍ය ජනතාවගේ ගමන් පහසුව සදහා ධාවනයට එක්කොට ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක අසංක සමරසිංහ මහතා පවසයි.
පුත්තලම් මාර්ගයේ දුම්රිය ධාවනය නාත්තන්ඩිය දක්වා දීර්ග කොට තිබේ. ඒ අනුව පුත්තලම් මාර්ගයේ කාර්යාල බලා ගමන් ගන්නා මගීන්ගේ අවශ්‍යතාවයට අනුව හා සාමාන්‍ය ජතාවගේ ගමන් පහසුව සදහා දුම්රිය ගමන්වාර 18 ධාවනයට එක් කොට තිබේ.
එමේන් ම මුහුදු බඩ මාර්ගයේ හා කැළණිවැලි දුම්රිය මාර්ගයේ සාමාන්‍ය දුම්රිය කාලසටහනට අනුව දුම්රිය ධාවනය කෙරෙන බවද අසංක සමරසිංහ මහතා වැඩි දුරටත් පැවසුවේය.
.
Post Views: 2000 235