නිමල් රාජපක්ෂ
ගුවන්යානයක් දිවයිනටදිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් අවතැන්ව සිටින ජනතාවට සහන සැලසීමේ අරමුණින්, මියන්මාර රජයේ දූත පිරිසක් සමග ආධාර රැගත් එරට ගුවන් හමුදාවේ (Y-8) ගුවන් යානයක් ඊයේ (06) රාත්‍රියේ කටුනායක ගුවන් හමුදා කඳවුර වෙත පැමිණෙන ලදි.
මෙම ආධාර තොගයට සනීපාරක්ෂක ද්‍රව්‍ය, වෛද්‍යාධාර මෙන්ම අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යද අඩංගු වන අතර, මෙම සහනාධාර භාර දීමේ අවස්ථාවට ශ්‍රී ලංකා මියන්මාර් තානාපතිනි Marlar Than Htaik, මියන්මාර රජයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් Zaw Phyo Win, මියන්මාර් සමාජ සුබසාධන ආපාද සහ පුනරුත්ථාපන අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථනයේ අධ්‍යක්ෂ ජනරාල් Lai Lai Aye, යන මහත්ම මහත්මීහු එක්ව සිටී අතර, මෙම භාණ්ඩ තොගය භාර ගැනීම සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අධ්‍යක්ෂක ජනරාල් සැලසුම්, එයාර් වයිස් මාර්ෂල් දේශප්‍රිය සිල්වා මහතා ඇතුළු ගුවන් හමුදා නිලධාරීන් පිරිසක්ද සහභාගි වූහ.
මෙම ආධාරවලට අමතරව සහල් මෙට්ට්‍රික් ටොන් 500ක් සහ ඇමරිකන් ඩොලර් ලක්ෂයක මුදල් ආධාරයක් ඉදිරියේදී මෙරටට ලබා දීමට මියන්මාර් රජය එකඟතාව පළ කර තිබේ.
