. තම මව සමග ඇතිවු බහින් බස් වීමක් දුර දිග යාමෙන් සිය පුතා එල්ලකල පොලු පහරකින් මව ඝාතනය කර තිබේ.
ඝාතනය සිදුකර තිබුණේ ගොඩකවෙල, බිසෝකොටුව ප්රදේශයේදී අද (15) අලුයමය.
එලෙස මියගොස් ඇත්තේ, ගල්පාය, පල්ලේබැද්ද ප්රදේශයේ පදිංචිව සිටි 82 හැවිරිද කාන්තාවකි.
මෘත ශරීරය සම්බන්ධයෙන් මහෙස්ත්රාත් පරික්ෂණය සිදු කිරීමට නියමිතව ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ගොඩකවෙල පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
