විදේශ රැකියා ලබාදෙන බවට පවසා රුපියල් ලක්ෂ 43 කට අධික මුදලක් වංචා කළ සැකකරුවෙකු කින්නියා ප්‍රදේශයේදී ඊයේ (14) හක්මණ පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
විදේශ රැකියා ලබා දෙනබවට ජනතාව රවටා මුදල් ලබාගෙන ඇති බවට අදාල සැකකරුට විරුද්ධව පැමිණිලි 09 ක් ලැබී ඇතැයිද පොලීසිය පවසයි .
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 36ක් වන පුහුල්වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු විසින් රුපියල් ලක්ෂ 43 කට අධික මුදලක් වංචා කර ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් හක්මණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි
