මුල්කිරිගල ගුණරත්න …..
…..
125 වන වරටත් පවත්වන තිස්සමහාරාම පොසොන් මහා පෙරහැර ජුනි 10 වන දින රාත්රි 8:02 යෙදෙන සුභ මොහොතින් උඩරට , පහතරට සබරගමු නර්තන වලින් හා අලි ඇතුන්ගෙන් සමන්විතව වීදී සංචාරය කිරීමට සියලු කටයුතු සුදානම් කර ඇති අතර මාතර කන්දබඩ පත්තුව ඇතුළු හම්බන්තොට පළාතේ ප්රධාන සංඝනායක ආචාර්ය දේවාලේගම ධම්මසේන හිමියෝ පවසයි.
මේ අතර හුංගම ගුරුපොකුණ ශ්රි ජයසුමනාරාම විහාරස්ථානයේ 28 වන වරටත් පවත්වාන මිහිඳු මහා පෙරහැර ජුනි 10 වන දින පස්වරුවේ උඩරට පහතරට සබරගමු නර්තන වලින් සමන්විතව වීදිසංචාරය කරන අතර
මාතර දික්වැල්ල කෝන්දෙනිය අසෝකාරාම විහාරස්ථානයේ 20 වන වරටත් පවත්වන මිහිඳු මහා පෙරහැර ජුනි 10 වන දින රාත්රි 9:10 ට යෙදෙන සුභ මොහොතින් උඩරට පහතරට සබරගමු නර්තන වලින් සමන්විත පෙරහැර වීදි සංචාරය කරන අතර
මාතර තොටමුණ ජයමඟ විහාරස්ථානයේ 77 වන වරට පවත්වන මිහිඳු මහා පෙරහැර ජුනි 10 වන දින පස්වරුව 2:00 ට මාතර තොටමුණ විහාරස්ථානයෙන් ගමන් ආරම්භ කර මාතර නගරේ වීදි සංචාරය කර නැවත විහාරස්ථානයේ ගෙවිදීමට නියමිතයි.
තංගල්ල කුඩාවැල්ල වාලුකාරාම විහාරස්ථානයේ 70 වන වරටත් පවත්වන මිහිඳු මහා පෙරහැර ජුනි 11 වන දින උදෑසන 9:00 වීදි සංචාරය කරයි.
