බදුල්ල – දුන්හිඳ ප්‍රදේශයේ අද (01) පෙරවරු 8 ට පමණ බස් රථයක් පෙරළීමෙන් 39 දෙනෙකු තුවාල ලබා ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයේ සිසුවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
අනතුරෙන් තුවාල ලැබූ තවත් 39 දෙනෙකු බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ අතර රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ, ඉන් 6 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවය.
අනතුර සිදුව තිබුණේ බදුල්ල – මහියංගන ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ ප්‍රවේශ මාර්ගයට නුදුරින් පිහිටි තුන්වන හා හතරවන කිලෝමීටර් කණු අතරය..
අනතුර සිදුවන විට බස් රථය තුළ සිසු සිසුවියන් ඇතුළු 41 දෙනෙකු සිට තිබුණි.
අනතුරින් තුවාල ලැබූවන් බස් රථයෙන් පිටතට ගැනීමට ප්‍රදේශවාසීන් කඩිනමින් මැදිහත් වූ අතර ඔවුන් පිටතට ගැනුණේ මහත් පරිශ්‍රමයකිනි.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති වුවත් තිරිංග ක්‍රියා විරහිත වීම නිසා පල්ලම් සහිත මාර්ගයේ වේගයෙන් පැමිණි බස් රථය කණ්ඩියේ ගැටෙන්නට ඇති බව පොලීසිය සැක පළකරයි.
