කරමින් පවතී. එනම් අදාළ ණයගැතියන් හට නැගීසිටීමට උපකාර කරමින් එවැනි ව්‍යාපාරික වත්කම්වල අවශේෂ වටිනාකම සංරක්ෂණය කිරීම මගිනි.
■ 2019 අප්‍රේල් ත්‍රස්ත ප්‍රහාර, COVID වසංගතය සහ පවතින ආර්ථික අර්බුදය ඇතුළු ආර්ථිකයට බලපාන මෑත කාලීන අර්බුදවලදී, විශේෂයෙන් ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ණයගැතියන්හට සහන ණය කාලයන් ලබා දීමේ පිරිවැය බැංකු විසින් දැනටමත් අවශෝෂණය කරගෙන ඇති අතර එය හැකිතාක් දුරට පරාටේ ක්‍රියාවලිය අත්හිටුවමින් සිදු කර ඇත.
ශ්‍රී ලංකා බැංකු සංගමය (SLBA) පැවසුවේ දැනට පවතින නීති යටතේ බැංකුව සතුව ඇති ණය අයකර ගැනීමේ ක්රමෝපායන් සංශෝධනය කිරීමට, අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අදාල ප්‍රකාශයන්, එහි සාමාජිකයින් චකිතයකින් යුතුව නිරීක්ෂණය කරන බවයි.
“මෙම තීරණය සහ එහි පුළුල් ප්‍රචාරණය දිගු කලක් තිස්සේ තම ණය වගකීම් පැහැර හැර ඇති කුඩා පිරිසකගේ දැඩි බලපෑම්වලට ප්‍රතිචාරයක් ලෙස පෙනේ. කෙසේ වෙතත් මෙසේ බලපෑම් සිදුකරන කණ්ඩායම ශ්‍රී ලංකාවේ පුළුල් ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය නොකරන බව ශ්‍රී ලංකා බැංකු සංගමය (SLBA) හි අදහස වේ,” යනුවෙන් ප්‍රකාශය සඳහන් කළේය.
“වාර්තා වූ අමාත්‍ය මණ්ඩලයේ මෙම ඒකපාර්ශවික මැදිහත් වීම අනවශ්‍ය දෙයක් වන බව බැංකු වල විශ්වාසයයි. එමගින් රටේ ආර්ථික පුනර්ජීවනයට සහාය වීම උදෙසා බැංකුවලට පැවරී ඇති කාර්යභාරය ඉටු කිරීම සඳහා බැංකු සතුව ඇති ශක්තිය දුර්වල කරනු ඇත.”
