Spread the love

මුල්කිරිගල ගුණරත්න

මැදමුලන , අත්තනයාල ප්‍රදේශයේදී බීමතින් පැමිණ තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයින් හතර දෙනෙකුට තුවාල සිදු කල අයකු වීරකැටිය පොලිසිය මගින් අත්අඅඩංගුවට ගෙන ඇත.

පිහි පහර කෑමෙන් තුවාල ලැබු වන් අතර 46 හැවිරිදි කාන්තාවක් ද සිටින බව පොලීසිය පවසයි.
සිද්ධිය වී ඇතතේ පසුගිය 6 දින රාත්‍රී 11 .00 ට පමණය තුවාල කරුවන් වීරකැටිය රෝහලට ප්‍රතිකා සදහා ඇතුළු කිීරීමේන් පසු වැඩි දුර ප්‍රතිකාර සදහා තංගල්ල මුලික රෝහලට මාරුකර යවා ඇත.
අදාල සැකකරු බීමතින් පැමිණ නිවසියකු පිළිබද විමසා ඹහු නිවසේ නොමැති බව පැවසීමෙන් පසු උරණවු සැකකරු අසැබි වචනයෙන් බැනවැදි සිදුවු ආරවුලකදී මෙසේ හතර දෙනකෙුට පිහිපහර ලබා දී ඇතැයි ද අනාවරණය වෙයි.
අත්අඩංගුවට ගත් සැකකරු 24 හැවිරිදි වියේ පසුවන අතර සිද්ධිය සම්බන්ධයෙන් වීරකැටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.