Spread the love

ලොව විශාලතම ස්වාභාවික වායු නිධියක් වන ඉරානයේ ‘සවුත් පාර්ස්’ (South Pars) වායු පර්යන්තයට එල්ල වූ ප්‍රහාරයත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල යළි ඉහළ ගොස් තිබේ.

ඒ අනුව බ්‍රෙන්ට් (Brent) බොරතෙල් මිල 4% කින් ඉහළ ගොස් ඇති අතර බැරලයක මිල ඩොලර් 112 දක්වා වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. 

එසේම අමෙරිකානු වෙළෙඳපොළේ තෙල් මිල ද 3%කින් ඉහළ ගොස් ඩොලර් 99.27 ක් ලෙස සටහන්වෙයි..