නිමල් රාජපක්ෂ
දකුණ තල්පිටිය ප්රදේශයේ ඉතා රහසිගතව පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා රුපියල් ලක්ෂයක් වටිනා මත්පැන් ,දගර ඇතුළු උපකරණ තොගයක් සමගින් එක් සැකකරුවකු පසුගියදා (28) පානදුර සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් මඩවගුරක් ආශ්රිතව ඉතා රහසිගතව මත්පැන් ජාවාරම සිදු කරමින් පැවැති අතර අදාල ස්ථානය කොටු කරගන්නා අවස්ථාවේ මත්පැන් පෙරමින් සිටි බව පානදුර සුරාබදු ස්ථානාධිපති සී.කුඹලාතර මහතා පැවසුවේය. .
මත්පැන් නිෂ්පාදනාගාරයේ තිබී කසිප්පු ස්ප්රීතු ලීටර් 5 ක් ,දගරයක් , බැරල් හා පෙරීමට ගන්නා උකරණ කිහිපයක් අත්අඩංගුවට ගෙන ඇත. එහිදි උණු ගෝඩා ලීටර් සියයකට වැඩි ප්රමාණයක් විනාස කල බවද කුඹලාතර මහතා පැවසුවේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉදිරියේදී පානදුර මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
සහකාර සුරාබදු කොමසාරිස් නාලක මලවීපතිරණ මහතාගේ උපදෙස් මත, කළුතර සුරාබදු අධිකාරි සුගත් කොළොන්න මහතාගේ අධීක්ෂණය යටතේ,පානදුර සුරාබදු ස්ථානාධිපති සී.කුඹලාතර මහතාගේ මෙහෙයවීමෙන් ,පරීක්ෂක හර්ෂණ විජේසිරිවර්ධන , කෝප්රල්වරුන්වන 910 මයුර , 1155 ගීත් ,නියාමක 1164 දමිත් රියදුරු වරුණ යන නිලධාරීහු මෙම වැටලිම සිදු කළහ.
