Spread the love

නිමල් රාජපක්ෂ
අම්බලන්තොට ප්‍රදේශයේ සිදුකළ සෝදිසි එහෙයුමකදී රුපියල් 22 ලක්ෂ 75000ක්් වටිනා නීති විරෝධී සිගරට් තොගයක් හා තීරු බදු නොගෙවූ විදේශීයමත්පැන් බෝතල් තොගයක් සමගින් එක් සැකකරුවකු කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත
අත්අඩංගුවට ගත් විදේශීය සිගරට් තොගයේ සිගරට් ලක්ෂයක්ද විදේශීය මත්පැන් මත්පැන් බෝතල් 45ක් සොයා ගත් බව කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒක ඒ ස්ථානාධිපති ප්‍රධාන සූරාබදු පරීක්ෂක නිරොෂ ජයකොඩි මහතා පවසයි
අත්අඩංගුවට ගත් මත්පැන් තොගය හා දුම්මැටි සමග සැකකරු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද9200 ඉදිරිපත් කිරීමෙන් පසු සකකරුට රුපියල් එකොළොස් ලක්ෂ25000ක දඩ මුදලක් ගෙවන ලෙස මහේස්ත්‍රත්වයා නියම කොට ඇත
සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.බී.එන්.ඒ ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත -නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් තිස්ස කුමාර රාජපක්ෂ මහතාගේ අධීක්ෂණයෙන්, සුරාබදු අධිකාරි පී.ඒ සුනිල් මහතාගේ සහ කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති නිරෝෂ් ජයකොඩි මහතාගේ මෙහෙයවීම මත කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ සුරාබදු පරීක්ෂක කසුන් ජයසුමන සහ සුරාබදු නියාමකවරුන්වන1135 නිශ්ශංකන්,1158 ජීවන්ත ,1176 ,චානුක සුරාබදු රියදුරුවරුන් වන සුපුන් සහ දුමින්ද යන නිලධාරීහු මෙම වැටලීම සිදුකළහ.