ජනවාරි සිට මේ දක්වාවු ගතවූ මාස 06 තුළ දී ශ්‍රී ලංකා රේගුව රුපියල් ට්‍රිලියනය (බිලියන 1000) ඉක්මවූ ආදායමක් උපයා ඇතැයි අතිරේක රේගු අධ්යක්ෂ ජෙනරාල් ,රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පවසයි.
ඒ අනුව, මෙම වසරේදී රජය ලබාදුන් ආදායම් ඉලක්කය වන බිලියන 2115 සීමාව පසුකර යෑමට හැකිවනු ඇති බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.
ශ්‍රී ලංකා රේගුව තුළ ක්‍රියාත්මක වූ ආදායම් එකතු කර ගැනීමේ ක්‍රමවේදය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා මෙය සාර්ථක කර ගැනීමට හැකියාව ලැබුණු බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා වැඩි දුරටක් පැවසුවේ.
