.
ලංකා වෛද්‍ය විද්‍යාල සභාවේ Ceylon Medical College Council – (CMCC) නව ලේඛකාධිකාරී තනතුරට මහාචාර්ය ජෙනිෆර් පෙරේරා මහත්මිය පත් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පියවර ගෙන ඇත.
ඊට අදාළ පත්වීම් ලිපිය සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී එතුමියට ප්රදානය කෙරිණි.
වෛද්‍ය ආඥා පනතේ විධිවිධානවලට යටත්ව මෙම පත්වීම සිදුකර ඇත.
ජෙනිෆර් පෙරේරා මහත්මිය දශක හතරකට අධික කාලයක් කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය වෙනුවෙන් අපිරිමිත සේවාවක් සිදුකළ මහාචාර්යවරියකි. 2015 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපතිනිය ලෙස කටයුතු කළ ඇය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ක්‍රියාකාරී සාමාජිකාවක් ලෙස ද සේවය කර ඇත.
1986 වර්ෂයේ දී වෛද්‍ය ක්ෂුද්රජීව විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය සම්පූර්ණ කරන ඇය, 2001 වර්ෂයේ දී මහාචාර්යවරියක් ලෙස පත් වන ලදී.
ක්ෂය රෝගය වැනි බෝවන රෝග හඳුනා ගැනීමට යොදාගන්නා නවීන අණුක ජිව විද්‍යාත්මක ක්‍රමවේදයන් ඇගේ පර්යේෂණයන් තුළ කැපී පෙනෙන අතර මහාචාර්ය ජෙනිෆර් පෙරේරා මහත්මිය විසින් සිදු කරන ලද පර්යේෂණයන් ජනාධිපති සම්මාන රාශියකට මෙන් ම ජාතික විද්‍යා පදනමේ ඇගයීමට ද පාත්‍ර වී ඇත.
