Spread the love

නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද වාහනයක් සොයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධී බවට තීන්දු කරන ලෙස ඉල්ලා හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද අභියාචනාධිකරණ​ය වෙතින් ඉල්ලා අස්කරගෙන තිබේ.

ඒ අනුව මෙම පෙත්සම අද (09) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙලෙස ඉල්ලා අස්කරගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

එහිදී ලොහාන් රත්වත්තේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් අධිකරණයට දන්වා සිටියේ, තම සේවාදායකයාට මේ වන විට ඇප ලැබී ඇති බවයි.

ඒ අනුව මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට අපේක්ෂා නොකරන බවත් එය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිට ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.