නිමල් රාජපක්ෂ-
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සතුව තිබූ පැරණි බලය සහ කාර්යක්ෂමතාව නැවත ස්ථාපිත කර, එය 2005 වසරට පෙර පැවැති ආකාරයටත් වඩා ශක්තිමත් දේශපාලන අනුග්‍රහයක් සහ අන්තර්-ආයතනික බලපෑමක් සහිත, ආයෝජකයන් සඳහා “එකම වහලක් යටින් සියළු සේවා සපයන මධ්‍යස්ථානයක්” (one-stop shop) බවට පරිවර්තනය කිරීම තම අපේක්ෂාව බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපති දුමින්ද හුලංගමුව මහතා පවසයි.
ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස අද (01) කොළඹ ලෝක වෙළද මධ්‍යස්ථානයේදී රාජකාරි ආරම්භ කරමින් හුලංගමුව මහතා මෙසේ පැවසීය.
විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව සතු ඉහල හැකියාවෙන් යුතු ශ්‍රම බලකාය, වෙළඳපල ප්‍රවේශය, භූගෝලීය පිහිටීම තව දුරටත් උපයෝගි කර ගත හැක.මීට අමතරව මූල්‍ය සම්පත් අතින් තරඟකාරී වාසි ලබා දිය යුතු අතර, රටේ ආයෝජනමය වටිනාකම (value proposition) පැහැදිලිව නිර්වචනය කළ යුතුබවද සභාපතිවරයා අවධාරනය කළේය. ආයෝජන ප්‍රවර්ධන ප්‍රධාන රාජ්‍ය ආයතනය ලෙස ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හි බලතල ශක්තිමත් කිරීම සඳහා ප්‍රතිපත්ති සහ ව්‍යවස්ථාදායක ප්‍රතිසංස්කරණ මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී
. මෙරට ආර්ථිකයේ ප්‍රධාන ගමන් නියමුවා ලෙස ශක්තිමත් ආර්ථික දිශානතියකට ශ්‍රි ලංකාව ගමන් කරවීම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ප්‍රමුඛතම වගකීම හා කාර්යයභාරය වන බවද දුමින්ද හුලංගමුව මහතා පැවසීය
