Spread the love

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවත්වන විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ කොටුව ඇතුළු මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක් නිර්මාණය විය.

විරෝධතාකරුවන් කොළඹ කොටුවේ සිට ලෝටස් ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් ගනිමින් සිටින අතර පොලීසිය විසින් ඔවුන්ගේ ගමන් මග අවහිර කරමින් පොලිස් මාර්ග බාධක යොදා තිබේ.

ඒ අනුව එම අවට මාර්ග දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී ඇති බවත් වාර්තා වේ