Spread the love

ආරුගම්බේ ප්‍රදේශයේදී ඊශ්‍රායල් ජාතිකයින් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් පවතින බවට සැලවීමත් සමග, ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ගත් කඩිනම් සහ තීරණාත්මක ක්‍රියාමාර්ගය ඊශ්‍රායලය අගය කරන බව පවසයි.

ඊශ්‍රායල් විදේශ කටයුතු අමාත්‍යංශය විසින් ශ්‍රී ලංකා රජය වෙත ප්‍රශංසා පළකර ඇති බවයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර සඳහන් කළේ.

ඊශ්‍රායල විදේශ කටයුතු අමාත්‍යංශයේ ආසියා පැසිෆික් අංශයේ ප්‍රධානී අවිව් එස්ට්‍රා සහ ඊශ්‍රායල තානාපති නිමල් බණ්ඩාර හමුවූ අවස්ථාවේ දී ශ්‍රී ලංකා රජයට එසේ ප්‍රශංසාව පළකර ඇති බවයි වාර්තා වෙන්නේ