Spread the love

ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200 ක ණය මුදලක් අනුමත කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා රජයට තවදුරටත් සිය මූල්‍ය අංශය ශක්තිමත් කිරීම සඳහා මෙම ණය මුදල අනුමත කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

සාර්ව ආර්ථික තත්ත්වයන් ස්ථාවර කිරීම සහ මූල්‍ය තත්ත්වය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හොඳ ප්‍රගතියක් ලබා ඇති බවයි ආසියානු සංවර්ධන බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ