Spread the love

කෙටිකාලීන සහල් හිඟයට විසඳුමක් ලෙස සහල් මෙට්‍රික්ටොන් 70,000ක් සතොස සහ රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව හරහා ආනයනය කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

ඒ අනුව ස්වර්ණ නාඩු සහල් තොගයක් එලෙස ආනයනය කිරීමට නියමිතය.

ඒ සඳහා අවශ්‍ය කැබිනට් අනුමැතිය ද හිමිවූ බව අමාත්‍යවරයා කීවේය.

වෙළෙඳපොළේ පවතින සහල් හිඟය වෙනුවෙන් රජය ගනු ලැබූ තීරණය පිළිබඳ දැනුම්දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (20) පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පැවසුවේය.

දෙසැම්බර් මස 15වනදාට පෙර අපි වෙළෙඳපොළට සහල් ලබාදීමේ ක්‍රියාවලිය ආරම්භ කරන අතර ස්වර්ණ නාඩු තමයි අපේ රටේ පරිභෝජනයට ගැලපෙන නාඩු වර්ගය. මේ නාඩු වර්ගය තමයි අපි ගෙන්වන්න තීරණය කරලා තියෙන්නේ යැයිද කීවේය.