නිමල් රාජපක්ෂ
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ පුරප්පාඩුව පැවති තනතුරු 38 ක් සඳහා බඳවා ගැනීම වෙනුවෙන් අයදුම්කරුවන්ට පත්වීම් ලිපි ප්රදානය නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (.22) සිදුකෙරිණ. ඒ බත්තරමුල්ල, සෙත්සිරිපාය දෙවන අදියර 06 වන මහලේ පිහිටි නාගරික සංවර්ධන අමාත්‍යංශයීය ශ්‍රවණාගාරයේ දී ය.
2026 අප්‍රේල් මස 09 වන දින පැවති 198 වැනි අධ්යක්ෂ මණ්ඩල අනුමැතිය ප්‍රකාරව අයදුම්පත් කැඳවා විනිවිදභාවයෙන් යුතු බඳවා ගැනීමේ ක්‍රමවේදය තුලින් පළමු අදියර යටතේ මෙම තනතුරු සඳහා අදාල බඳවා ගැනීම් සිදුකර ඇත.
මෙරට නාගරික ජනතාවගේ නිවාස ගැටළුවට විසඳුම් ලෙස ඉදිකර ඇති මහල් නිවාස සංකීර්ණවල පාලනය, පරිපාලනය සහ නඩත්තු කටයුතු විධිමත්ව කිරීමට මෙම සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය සිය සේවා දායකත්වය සපයනු ලබයි. ආරම්භයේදී පොදු පහසුකම් මණ්ඩලය ලෙස ක්‍රියාත්මකව පැවති මෙම ආයතනය 2005 වසරේදී සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය ලෙස ආයතනික නාම සංශෝධනය කර ඇත.
පත්වීම් ලිපි ප්රදානය කිරීමේ අවස්ථාවට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ අතිරේක ලේකම් තරණි ගමගේ , සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති ජේ. නිශාන් නානායක්කාර, සාමාන්‍යාධිකාරි, වාස්තු විද්‍යාඥ එම්. ටී. කපිල ප්‍රියන්ත, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි නලින් ගන්කන්ද යන මහත්ම මහත්මීහු ඇතුළු නිලධාරීහු සහ පත්වීම් ලාභීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
