නාගොඩ -සුමන
දරුවන් අතර මේ දිනවල ස්වසන වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් පවතින බව රිච්වේ ආර්යා ළමා රෝහලේ විශේඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය.
උණ සමඟ කැස්ස ,හිසරදය ,වමනය සහ සෙම්ප්‍රතික්ශාව එහි රෝග ලක්ෂණ බව පැවසීය.
උණ රෝගය වැළදීමෙන් පසු හතිය ඇතිවීමේ අවධානම ඇතිබව පැවසීය.
පවතින කාලගුණ තත්ත්වය මෙම තත්ත්වයට හේතුවී තිබේ.
පසුගිය සතිය තුළ මෙම තත්ත්වයේ වර්ධනයක් පැවතුණි.
ඉන්ෆ්ලුවෙන්සා වෛරසය ද ඒ අතර පැවතිය හැකි බව පැවසීය.
ඉන්ෆ්ලුවෙන්සා රෝගය දින කිහිපයක් තුළසුවවෙයි.
ඒ සඳහා විවේකය සහ ස්වභාවික දියරමය ආහාර සහ නියමිත මාත්‍රාවට පැරසිටමෝල් මාත්‍රාව ගැනීමෙන් සුව වන බව වැඩිදුරටත් පැවසීය.
ස්වසන රෝග තිබේනම් හැකිතාක් මුව ආවරණයක් පැළඳිම ඉතා වැදගත් වෙයි.
ස්වසන රෝග ඇති දරුවන් හැකිතාක් නිවෙස් වල තබා ගැනීම වැදගත්ය.
එමගින් රෝගය පැතිරීම පාලනය කර ගැනීමට හැකි බව වැඩිදුරටත් පැවසීය.
