ප්‍රසිද්ද යූ ටියුබ් කරුවකු වන සුදත්ත තිලකසිරි මහතා විසින් සිය නාලිකාව ඔස්සේ මුදාහරන ලද වීඩියෝවක අනාවැකිය සත්‍ය වී තිබේ.
ඒ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමත් සමගයි.
නමුත් සුළු අඩුපාඩුවක් වී ඇත්තේ දින ඔහු තම වීඩියෝ නාලිකාවේ සඳහන් කල පරිදි දින 14කට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රක්ෂිත බන්ධනාගාර ගත නොකර දින හතරක කාලයක් සඳහා රක්ෂිත බන්ධනාගාරගත කිරීමයි.
රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත නොකළහොත් තම නාලිකාව වසා දමන බවට ද ඔහු එහිදී ප්‍රසිද්ධ ප්‍රකාශයක්ද සිදු කළේය.
අධිකරණ තීන්දුවට ලැබ රනිල් වික්‍රමසිංහ මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසුව සුදත්ත තිලකසිරි මහතා සිය නාලිකාවෙන් නැවත වතාවක් වීඩියෝ මුදාහැර ඇත.
කෙසේ වෙතත් අධිකරණ තීන්දුව නිකුත් කිරීමට පෙර එම ලැබෙන තීන්දුව ඉතා නිවැරදිව සිය නාලිකාව ඔස්සේ ප්‍රකාශය කිරීම සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර තිබේ.
