Spread the love

නිමල් රාජපක්ෂ

උඩතර්‍ඔවිට,හෙම්මාතව, නිකදළුපොත ප්‍රදේශයේ සිදු කරනලද සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාර දෙකක් හා මත්පැන් අලෙවි කිරමට සුදානම් කරමින් සිටි අයකු වටලා රුපියල් ලක්ෂ හතක් වටිනා මත්පැන් තොගයක් සමගින් සැකකරුවන් තිදෙනෙකුකුරුණෑගල සුරාබදු නිලධාරී පෙරේදා (23) අත්අඩංගුවට ගෙන ඇත.


අත්අඩංගුවට ගත් මැත්පැන් තොගයේ කසිප්පු ස්ප්‍රීතු බෝතල් 688 ක් ,දගර 2 ක් බැරල් ඇතුලු උපරණ තොගයක් තිබු බව කුරුණෑගල සුරාබදු ස්ථානාධිපති නලින්ද ප්‍රසන්න කුමාර මහතා පවසයි.


අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා කාලයක් තිස්සේ මත්පැන් ජාවාරම සරුවට සිදු කරන බවත් කුරුණෑගල ඇතුලු අවට ප්‍රදේශවලට ඉතා රහසිගතව මත්පැන් බෙදා හරින බවත් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී තිබේ.


මත්පැන්තොගය සමගින් සැකකරුවන් අද (25) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉ දිරිපත් කිීරීමට නියමිතය.


වයඔ පළාත් (1) සහකාර සුරාබදු කොමසාරිස් නාලක මලවිපතිරණ මහතාගේ උපදෙස් මත, කුරුණෑගල සුරාබදු අධිකාරී අරුණ සෝමරත්න මහතාගේ සහභාගීත්වයෙන් , කුරුණෑගල සුරාබදු ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක නලින්ද ප්‍රසන්න කුමාර මහතාගේ මෙහෙයවීමෙන් ,සුරාබදු පරීක්ෂකවරුන් වන සේමසිංහ, බී. එල්. විජේසිංහ, සුරාබදු සැරයන් 654 අමරානන්ද, සුරාබදු කෝප්‍රල්වරුන් වන 1039 කස්තුරිආරච්චි, 1166 රොෂාන් රත්නායක. සුරාබදු නියාමකවරුන් වන 1215 සුරංග, 1223 ජයලත්, 1290 රන්දික සහ සුරාබදු නියාමක රියදුරු චන්ද්‍රසේන යන නිලධාරීන් සහ මහව ස්ථානාධිපති සුරාබදු පරීක්ෂක රන්දෙණිය යන මහත්වරු මෙම වැටලීම සිදු කළහ.