Spread the love

මුස්ලිම් බැතිමතුන්ගේ හජ් උත්සවය දිනය එළැඹෙන ජුනි මස 07 වැනි සෙනසුරාදා දිනට යෙදී ඇති බැවින් එළැඹෙන මස 06 සහ 09 වැනි සඳුදා දින සියලුම මුස්ලිම් පාසල් නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.

ඒ අනුව එම පාසල් නිවාඩු දිනය වෙනුවෙන් මැයි මස 26 සඳුදා සහ මැයි 27 වැනි අඟහරුවාදා දින පාසල් පැවැත්විය යුතු බවත් අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබේ.

එමෙන්ම 2025 පාසල් වර්ෂයේ මුස්ලිම් පාසල් සඳහා දෙවන වාරය එළැඹෙන මැයි 26 වැනි දින ආරම්භ කෙරෙන බවත් අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව ඇත.