කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු වූ ඩික්සන් ජේ. පෙරේරා මහතා පෙරේදා (04) අභාවප්‍රාප්ත විය.
කාලයක සිට රෝගාතුරව පසුවූ ඒ මහතා මියයන විට 79 වැනි වියේ පසුවිය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැස්බෑව ආසනයේ සංවිධායක වශයෙන් සිටි පෙරේරා මහතා 1989 මහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කොට පාර්ලිමේන්තුවට තේරී පත් විය.
1994 මහ මැතිවරණයේ දී පොදු ජන එක්සත් පෙරමුණේ අපේක්ෂකයකු සේ තරග කොට යළි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් වූ අතර ඔහු 2000 වසර දක්වා මන්ත්‍රී ධූරයේ කටයුතු කළේ ය.
පසුව ඩික්සන් ජේ. පෙරේරා මහතා ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම්වරයා ලෙස ද නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පළමු ලේකම් වශයෙන් ද කටයුතු කොට ඇත.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරියකු වූ ඒ මහතා දෙදරු පියෙකි.
ඩික්සන් ජේ. පෙරේරා මහතා දේ දේහය දෙහිවල ගල් විහාර පාරේ අංක 261/15 දරණ නිවසේ තැන්පත් කොට ඇති අතර අවසන් කටයුතු අද (06) පස්වරු 03. 30 ට දෙහිවල නැදිමාලේ පොදු සුසාන භූමියේ දී සිදු කෙරේ.
