මෙරට විද්‍යාඥයින් විසින් හෙක්ටයාරයකින් වී කිලෝග්‍රෑම් 12,000ක් ලබාගත හැකි නව වී ප්‍රභේද සොයාගෙන ඇති බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කරයි.
මෙම නව සොයාගැනීමත් සමඟම මෙරට වී වගාව අනිවාර්යයෙන්ම ඉහළට ඔසවා තබන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
වර්තමානයේ අක්කර දෙක හමාරකින් ලැබෙන අස්වැන්නට වඩා විශාල අස්වැන්නක් මෙම නව ප්‍රභේද මගින් ලබාගත හැකි බව පෙන්වා දුන් අමාත්‍යවරයා, අනාගතයේදී වී නිෂ්පාදනය බත් කෑම සඳහා පමණක් සීමා නොවන බවද පැවසීය.
මෙහිදී වී වල බහුවිධ ප්‍රයෝජන පිළිබඳව අදහස් දැක්වූ ඒ මහතා, වීවලින් සත්තුන්ට කන්න දීමට (සත්ව ආහාර ලෙස), බියර් නිෂ්පාදනයට සහ පාන් පිටි සඳහා ආදේශකයක් ලෙසද භාවිතා කළ හැකි බව සඳහන් කළේය.
තවද, මෙරට වී නිෂ්පාදන ක්‍රියාවලිය ජාත්‍යන්තර වෙළඳපොළ ඉලක්ක කරගත් ක්‍රියාවලියක් බවට පත්කිරීමේ අවශ්‍යතාවද නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.
මෙම පරිවර්තනය සඳහා කන්න තුන හතරක කාලයක් ලබා දෙන ලෙසද හෙතෙම ඉල්ලීමක් කළේය
