Spread the love

නිමල් රාජපක්ෂ
හියාරේ රක්ෂිතය ,පිටබැද්දර හා මාපලගම යන ප්‍රදේශවල සිදු කල සෝදිසි මෙහෙයුම් වලදී සිංහල අවුරුදු සමයේ අලෙවි කිරීම සදහා මහා පරිමානයෙන් මත්පැන් නිෂ්පාදනය කරමින් තිබු මත්නිෂ්පාදනාගාර 20 ක් , මත් ජාවාරමේ නිරත සැකකරුවන් 35 කු සමගින් රුපියල් ලක්ෂ දොලහක් වටිනා මත්පැන් තොඟයක් දකුණු පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
සිංහල හා හින්දු අවුරුදු සමයේ නීති විරෝධී මත්පැන් දිවයිණෙන් තුරන් කිරිම සදහා සුරාබදු කොමාසාරිස් ජෙනාරාල් එම්.බී.එන්.ඒ පේමරත්ත මහතා දියත් කල ග්‍රහන වැඩසටහනට සමගාවීම මේ මස 2 දින සිට 11 දින දක්වා වැටලීම් සිදු කල බව දකුණු පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති, සුරාබදු පරීක්ෂක පී.මංජුල ලියනආරච්චි මහතා පැවසුවේය.

මෙහිදි හියාරේ රක්ෂිතයෙන් පමණක් මහා පරිමානයෙන් පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාර 6 ක් කොටු කර ගැනිමට සමත්වු බවත්, ඝන කැලැවේ මරු වැල් , බොරු වලවල් වලින් බේරී දැඩි දුෂ්කරතා මැද්දේ රක්ෂිතය තරණය කොට මත්නිෂ්පාදනාගාර වෙත යනවිට සැකකරුවන් දොල පාරවල් හරස්කොට මත්පැන් පෙරමින් සිටි බවද මංජුල ලියනආරච්චි මහතා සදහන් කලේය.

මෙහිදි අදාල සැකකරුවන් 35 දෙනා සමගින් මත්පැන් නිෂ්පාදනාගාර 20 ක්, ගෝඩා තොගයක් , කසිප්පු ලග තබාගෙන සිටි සැකකරුවන් 11 ක්, රජයේ අරක්කු ලග තබාගෙන සිටි සැකකරුවන් 2 ක් සමගින් බැරල් ,දගර ඇතුලු උපකරණ තොගයක් අත්අඩංගුවට ගැනිමට සමත්වි තිබිණ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ගාල්ල , මාපලගම ,මොරවක යන මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරියේදි ඉදිරිපත් කිරිමට නියමිතය.

දකුණු පලාත් සහකාර සුරාබදු කොමසාරිස් සුමිත් චන්ද්‍රකුමාර මහතාගේ උපදෙස් මත, ගාල්ල සුරාබදු අධිකාරී වසන්ත සමරසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ, දකුණු පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති සුරාබදු පරීක්ෂක පී.මංජුල ලියනආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් සුරාබදු පරීක්ෂකවරුන්වන ලක්ෂාන් පෙරේරා, අසංක කල්‍යනප්‍රිය, උදාර සම්පත් , සුරාබදු සැරයන් මේජර් විරාජ් හේමපාල , සුරාබදු සැරයන් 710 ජයන්ත ප්‍රේමකුමාර ,සුරාබදු කෝප්‍රල්වරුන්වන 980 ඉන්දික , 1108 හර්ෂනාත් , 1117 උදාන දිසානායක , සුරාබදු නියාමකවරුන්වන 1031 උපුල් ප්‍රියංකර , 1252 හසිඳු බුලත්සිංහල , සුරාබදු නියාමිකා 97 සියුමි එරංගිකා සුරාබදු නියාමක රියදුරුවරුන්වන ලක්මාල්, චන්දන යන නිලධාරිහු මෙම වැටලීම සිදු කළහ.

වීඩියෝව නරඹන්න

NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com

nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න