නිමල් රාජපක්ෂ-
කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ධාවනය වූ රාත්රී තැපැල් දුම්රිය සෙනරත්ගම දුම්රිය ස්ථානයේ නවතා යලි ගමන් ආරම්භ කිරීමේ දී එම දුම්රිය ස්ථාන පිටවීමේ පයින්ටූ පසු කරද්දී දුම්රිය එන්ජිමේ රෝද දෙකක් පිලී පැනිමට ලක්ව ඇත.
මේ හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ගමනා ගමන කටයුතු සඳහා බාධා මතුව ඇති අතර කන්කසන්තුරය සිට කොළඹ කොටුව බලා ධාවනය වූ රාත්රී තැපැල් දුම්රිය අනුරාධපුර දක්වා පමණක් ධාවනය කිරීමට කටයුතු කොට ඇත.
මේ වන විට එම එංජිමේ රෝද යලි පීලි ගත කිරීමේ කටයුතු සඳහා සහන දුම්රියක් එම ස්ථානය වෙත යැවීමට කටයුතු කොට ඇති අතර පිලී ගත කිරීමේ කටයුතු කඩිනමින් සිදු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වේ.
