නිමල් රාජපක්ෂ
පුත්තලම දුම්රිය මාර්ඟයේ නිල්අඩිය ප්‍රදේශයේ ස්ථාන කිහිපයක් ඊයේ(13) දිනයේ ජලයෙන් යටවීම හේතුවෙන් දුම්රිය ධාවනය හලාවත දුම්රිය ස්ථානය දක්වා සීමා කල ද ගංවතුර බැස යාමත් සමගින් අද(14) දිනයේ පුත්තලම දක්වා දුම්රිය ධාවනය සිදු කරන බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.
ඒ අනුව අද පස්වරුවේ කාර්යාල දුම්රියයන් නියමිත කාල සටහනට ධාවනය කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ,අධිකාරී ගමනා ගමන අසංක සමරසිංහ මහතා පවසයි.
