Spread the love


නිමල් රාජපක්ෂ

දකුණ , බස්නාහිර, වයඹ හා සබරගමුව යන පලාත්වල ගතවු මාස හයක කාලයක් තුළ සිදු ක ල විශේෂ සෝදිසි මෙහෙයුම් වලදි නිති විරෝධී මත්පැන් ජාවාරම් කරුවන් වටලා රුපියල් කෝටි දෙකක දඩ ආදායමක් රජයට ලබා දීමට කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් එකකය සමත්වී තිබෙි.
මෙම සෝදිසි මෙහෙයුම් මේ වසරේ ජනවාරි පළමුවැනිදා සිට ජුනිමස 30 වැනිදා දක්වා සිදුකල අතර මෙහිදී නිතිවිරෝධී මත්පැන් ජාවාරම් කරුවන් , නීතී විරෝධී තෙන්ඩුකොල ජාවාරම් කරුවන් හා තීරු බදු නොගෙවු සිගරැට් මෙරට ට ගෙන්වා අලෙවි කරන ජාවාරම් කරුවන් 1013 ක් කොටු කර ගත්බව කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති නිරෝෂ් ජයකොඩි මහතා පැවසුවේය.


වසවිස අබිං සහ අන්තරායක ඹෟෂධ ආඤා පනත යටතේ හා දුම්කොල බදු පනත යටතේ මෙම වැටලීම් සිදු කෙරෙන අතර නිති විරෝධී තෙන්ඩු කොල ප්‍රවාහනය කළ පුද්ගලයින් සුරාබදු කොමසාරිස් ජෙනරාල්තුමා වෙත ඉදිරිපත් කොට රුපියල් තිස්පන් ලක්ෂයක දඩ ආදායමක් අය කර ගැනීමට සමත්විය. මීට අමතරව තෙන්ඩු කොල වෙන්දේසි කිරිමෙන් රුපියල් හැත්තෑ ලක්ෂයකට ආසන්නමුදලක් රජයට ලබා දිමට හැකිවිය.මීට අමතරව වෙන්දේසි කිරීමට තෙන්ඩු කොල කිලෝ600 ක් සුදානම් කර තිබෙනඅතර ඒවා වෙන්දේසියෙන් රුපියල් හතළිස් පන් ලක්ෂයක ආදායමක් උපාය ගැනීමට බලාපොරොත්තු වෙන බව ද නිරෝෂ් ජයකොඩි මහතා පැවසුවේය.

රජය මගින් පැනවු බදු සතිය තුළ ගලේවෙල ප්‍රෙද්ශයේ ලංකාවට බීඩි දුම්කොල ආනයනය කරන අය ඒ අය පිළිබදව වාර්තාවක් ලබා දුන් අතර දෙනගම ප්‍රදේශයේ බීඩි නිෂ්පාදකයෝ පරික්ෂාකොට ඒ අතරින් ඒ අයට ලක්ෂ 24 ආසන්න බදු මුදලක් පැනවු බවද පැවසුවේය.
දංකොටුව ප්‍රදේශයේ නිවෙස් ඇතුලේ නීති විරෝධී ස්ප්‍රතු පෙරීම් දෙකක් කොටුකරගත් අතර ඊට අමතරව තවත් නිවසක තිබී ගෝඩා බැරල් 10 සොයා ගැනීමටද හැකිවු අතර ආදල සැකකරුවන්ගෙන් රු පියල් හාරලක්ෂ පනස් දහසක දඩ මුදලක් අයකර ගැනීමට සමත්වී ඇත.
තෙන්ඩු කොල ජාවාරම් කරුවන් පිටිපන, පුත්තලම , මන්නාරම යන ප්‍රදේශවලින් හා මීගමුව ආසන්නයෙන් ජාවාරමේ නිරත වුවන් අත්අඩංගුවට ගැනීමට සමත්විය. එසේ අත්අඩංගුවට ගත් තෙන්ඩු කොල වෙන්දේසි කිරිමට නියමිතයි. වෙන්දේසි කරන්න බැරි තෙන්ඩු කොල ගිනිතබා විනාස කිරීමට පියවර ගෙන තිබේ..
බදු සතිය තුළ බදු නොගෙවන ලද සිගරැට් 14000 ක් දංකොටුව ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් අතර එහිදී කොටුකර ගත් සැකකරුවන් ඉදිරියේදී අධිරණයට ඉදිරිපත් කිරීමට නියමිතය

උසාවි දඩ හා තෙන්ඩු කොල ආදායම් වලින් දැනට ලක්ෂ 155 ආදායමක් ලබා තිබෙන අතර තව තෙන්ඩු කොල කිලෝ 600 ක් වෙන්දේසිකරනන් තිබෙන බවත් අත්අඅඩංගුවට ජවාරම් කරුවන්හට අධිකරණයේ නඩු පැවරිමටත් තිබෙන බැවින් ඒවාට නඩු පැවරුවිට රුපියල් කෝටි දෙකක ආදායමක් රජයට ලබා දීමට හැකිවන බවද නිරෝෂ් ජයකොඩි මහතා වැඩි දුරටත් පැවසුවේය.

නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් (නිති ක්‍රියාත්මක කිරීම්) තිස්ස කුමාර රාජපක්ෂ මහතාගේ උපදෙස් මත, සුරාබදු අධිකාරී සුනිල් පී ආරච්චි මහතාගේ අධීක්ෂණය යටත් , කොළම සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති නිරෝෂ් ජයකොඩි මහතාගේ මෙහෙයවීමෙන් , සුරාබදු පරීක්ෂකවරුන්වන ඩබ්ලිව්.ජී.එස් නිශාන්න, ජානක ඩයස් .ජි දිසානායක, කසුන් ජයසුමන යන මහත්වරු ඇතුළුව සෙසු නිලධාරීන් 28 මෙම වැටලීම් සිදු කළහ.