නිමල් රාජපක්ෂ –
රජය විසින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් (MSME) සවිබල ගැන්වීම වෙනුවෙන් හඳුන්වා දුන් ‘RE MSME PLUS’ (Stimulating Package for Re-Energizing the MSME sector in Sri Lanka) ණය යෝජනා ක්‍රමය මේ වන විට ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක වී ඇති බවත් මෙම ණය යෝජනා ක්‍රමය යටතේ වෙන් කරන ලද රුපියල් බිලියන 25ක සම්පූර්ණ මුදල මේ වන විටත් දිවයිනේ ප්‍රමුඛ පෙළේ රාජ්‍ය හා පෞද්ගලික බැංකු 15ක් හරහා ව්‍යවසායකයන් වෙත ලබා දී හෝ ලබා දීමට නියමිත (Pipeline) මට්ටමේ පවතින බවත් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.
ජාතික වාණිජ මණ්ඩලය (National Chamber of Commerce of Sri Lanka) හා ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) එක්ව සංවිධානය කළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා සහනදායී ණය යෝජනා ක්‍රම සහ අනෙකුත් විකල්ප මූල්‍ය පහසුකම් පිළිබඳ ව ඊයේ (20) පැවති විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනකට එක් වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ව්‍යවසායකයන් අතර පවතින උද්යෝගය හේතුවෙන් ජූනි මාසය දක්වා වෙන් කරන ලද ප්‍රතිපාදන සියල්ල මේ වන විට සාර්ථකව ලබා දී අවසන්ව තිබීම රජය ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බවත් කර්මාන්ත අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය ඒක්ව වසර ගණනාවක් තිස්සේ පැවති දුර්වලතා මගහරවා ගනිමින්, ව්‍යවසායකයන්ට අවශ්‍ය මූල්‍ය, තාක්ෂණික සහ නීතිමය සහාය ලබා දීම හරහා ආයතන පද්ධතිය ශක්තිමත් කර ඇති බවත් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ නියෝජ්‍ය අමාත්‍යවරයා
“ජූනි මස දක්වා වෙන් කළ මුදල් සියල්ල අවසන් වෙලා තිබීම අසතුටුදායක පුවතක් තමයි. හැබැයි සතුටුදායක දේ තමයි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් මේ වැඩසටහන පිළිබඳව දැන් හොඳ අවබෝධයක් ඇතිකරගෙන බැංකු වෙත යොමුවීම. ලෝක බැංකු ආධාර සහ සංවර්ධන මූල්‍ය අරමුදල් යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. පසුගිය වසරවලට සාපේක්ෂව මෙවර විශාල මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන්කෙරුණා.
විවිද සහන පොලී ණය ක්‍රම යටතේ මේ වන විට ව්‍යවසායකයින් 6,000ත් 8,000ත් අතර ප්‍රමාණයකට ණය මුදල් ලබා දී තිබෙනවා. මෙම වසර අවසානය වන විට ව්‍යවසායකයින් 15,000කට පමණ මෙම වැඩපිළිවෙළ යටතේ ප්‍රතිලාභ සැලසීමට රජය අපේක්ෂා කරනවා. ජූනි මාසය වන තුරු වෙන් කළ ප්‍රතිපාදන අවසන් වුනත් බැංකු පද්ධතිය හරහා ලැබී ඇති අයදුම්පත් ප්‍රමාණය වෙන් කළ මුදලට වඩා වැඩියි.
ව්‍යාපාරිකයන්ට අඩු පොලී ණය ලබාදීම සඳහා රජය ක්‍රම දෙකක් ක්‍රියාත්මක කරනවා. ඒ අනුව රජය බැංකුවලට අඩු පොලී අරමුදල් ලබාදීම හෝ ණය සඳහා පොලී සහනාධාර ලබාදීම මගින් ව්‍යාපාරිකයන්ගේ මූල්‍ය බර අවම කර තිබෙනවා.
මීට අමතරව ඇප නොමැති ව්‍යාපාරිකයන් සඳහා “ණය සුරක්ෂණ” ක්‍රමවේදයක්ද හඳුන්වාදී තිබෙනවා. ඒ යටතේ මේ වනවිට සහන ලබාගෙන ඇති ව්‍යාපාරිකයින් ප්‍රමාණය ව්‍යාපාරිකයන් 1750ක් පමණ වෙනවා. ලබාදී තවත් 1500කට පමණ එම පහසුකම ලබාදීමට සැලසුම් කර තිබෙනවා.
බොහෝ ව්‍යාපාරිකයන්ට හොඳ ව්‍යාපාර අදහස් තිබුණත් ඇපකරයක් නැති නිසා බැංකු ණය ලබාගන්න බැරි වෙනවා. ඒ ගැටලුවට විසඳුමක් විදිහට තමයි රජය ණය සුරක්ෂණ ක්‍රමය හඳුන්වා දීලා තියෙන්නේ. ණය ක්‍රම සඳහා පෙර පැවති දීර්ඝ හා සංකීර්ණ ක්‍රමවේදය වෙනුවට මේ වනවිට සරල සහ වේගවත් ඩිජිටල් ක්‍රමවේදයක් හඳුන්වාදී මට රජය පියවර ගෙන තිබෙනවා.” යැයි පැවසීය.
එමෙන්ම මෙරට ආර්ථිකය නැංවීමේ ප්‍රධාන පදනමක් ලෙස සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හඳුනාගෙන ඇති අතර, තරුණ ව්‍යවසායකයන් මෙන්ම කාන්තා ව්‍යවසායිකාවන් ශක්තිමත් කිරීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
