නිමල් රාජපක්ෂ-
මරදාන දුම්රිය ස්ථානයේ සිට බෙලිඅත්ත බලා ධාවනය වු සීඝ්රගාමී දුම්රියේ ගමන් ගත් විදේශිකයකුගේ ගමන් බෑගයක් සොරාගෙන පලා යමින් සිටි සැකකරුවකු දුම්රිය ආරක්ෂක නිලධාරීන් වහාම ක්රියාත්මක වී අත්අඩංගුවට ගෙන ඇත
මෙම මෙහෙයුම් සිදුකර ඇත්තේ පසුගියදා (27) දින අලුත්ගම දුම්රිය ස්ථානයේ දුම්රිිය නතර කළ අවස්ථාවේදීය.
සිද්ධිය සැකෙවින් මෙසේයි. කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් බෙලිඅත්ත බලා ධාවනවු සීඝ්රගාමී ගමන් ගත් අමෙරිකන් ජාතිකයකු තම ගමන් බෑගය සීට් එකට දමා ලොක්කර තිබියදී සැකකරුවකු ලොක්එක කඩා බෑගය රැගෙන පලා යද්දී විදේශිකයා කෑගසා තිබේ.
මෙම කෑගැසීම ඇසී දුම්රිය වේදිකාවේ රාජකාරියේ යෙදී සිටි දුම්රිය ආරක්ෂක නිලධාරීන් වහාම ක්රියාත්මවි සැකකරු පසුපස හබා ගොස් තිබේ. එම අවස්ථාවේ සැකකරුවන් අනික් වේදීකාවේ තිබු දුම්රියට ගොඩවී එම දුම්රියේ වැසිකිලියක සැගවී දොර ලොක් කර ගෙනඇත.
දුම්රිය ආරක්ෂක නිලධාරීන් දැඩි පරිශ්රමයක් යොදා දොර ඇර සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
දුම්රිය ආරක්ෂක නිලධාරීන් විදේශිකයා ගේ ගමන් බෑගය සොයා ගත් අතර අත්අඩංගුවට ගත් සැකකරු වැඩි දුර පරීක්ෂණ පැවැත්වීම සදහා අලුත්ගම පොලීසියට බාරදී තිබේ.
දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්රේමරත්න මහතාගේ උපදෙස් මත , අලුත්ගම දුම්රිය ආරක්ෂක සේවයේ කාර්යභාර නිලධාරී අබේරත්න, උපපරීක්ෂක 91004 සිල්වා, කාන්තා සැරයන් ඩබ්ලිව් .ඒ දීපානි දුම්රිය ආරක්ෂක නිලධාරි 91240 අල්විස්, කාන්තා ආරක්ෂක නිලධාරීනියන් වන 91295 කේ.පී. චතුරිකා ,91312 පී.සී ගුණතිලක යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.
